ඔබේ රැකියා අවස්ථාවන්ට වෘත්තිකයන් හෝ සේවා සැපයුම්කරුවන් ඉක්මනින් බදවා ගන්න අවශ්‍ය ද?.

  • 2022-02-18

Share

ශ්‍රී ලංකාව තුල භාණ්ඩ හා සේවා අවශ්‍යතා ඇති සේවාලාභින් හා භාණ්ඩ හා සේවා සේවාසම්පාදකයින් අතර සම්බන්ධතාව ගොඩනංවමින්  ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය වන පරිදි එකිනෙකා හා පහසුවෙන් සම්බන්ධ වී ගණුදෙනු කර ගත හැකි HireMe.lk වෙබ් අඩවියෙහි සේවාදායකයින් ලියාපදිංචිය දැන් ඔබ වෙනුවෙන් ආරම්භ කර ඇත.

 ඔබ සේවාදායකයෙකු ද?

කාලය හා ශ්‍රමය වැය නොකොට පහසුවෙන් හා ඉක්මනින් ඔබේ රැකියා ස්ථානයට හෝ ව්‍යාපාරයට බදවා ගැනීම සදහා සුදුසු පුද්ගලයන් සොයා ගැනීමට  HireMe Job Bank හරහා ඔබට පහසුකම් සලසා දී ඇත.

HireMe Job Bank හී,

විවිධ ක්‍ෂේත්‍ර ගණනාවක් ආවරණය පරිදි දෙස් විදෙස් රැකියා ඇබැර්තු පලකිරීමට HireMe.lk විසින් ලංකාව පුරා විසිරි සිටින සේවාදායකයින් වෙත සපයා ඇත.

 ඔබ කලයුත්තේ,

HireMe හි ලියාපදිංචි වීම සදහා   Join  පිටුව වෙත පිවිස ගොස් Account Type එක ලෙස Business තෝරා අදාළ තොරතුරු ඇතුළත් කර ඔබේ ඊ මේල් ලිපිනය හෝ ජංගම දුරකථන අංකය භාවිතයෙන් HireMe හි ලියාපදිංචිය සිදුකර ගන්න.

ඔබේ ලියාපදිංචිය සාර්ථක නම් ඔබ ලියාපදිංචි සදහා භාවිතා කළ ඊ මේල් ලිපිනය තහවුරු කිරීම සදහා ඔබට ඊ මේල් එකක් ලැබෙනු ඇත. 

ඔබ ලියාපදිංචිය සදහා ඔබේ ජංගම දුරකථනය අංකය භාවිතා කළේ නම් එම අංකය තහවුරු කිරීම සදහා OTP කේතයක් දුරකථනයට ලැබෙනු ඇත.

ඔබේ තොරතුරු තහවුරු කළ පසු Log In පිටුවට පිවිස ඔබේ ඊ මේල් ලිපිනය හෝ දුරකථනය අංකය හා මුරපදය ඇතුළත් කර ඔබේ HireMe ගිණුමට පිවිසෙන්න.

ඉන්පසුව Profile පිටුවට පිවිස ඔබගේ ආයතනයේ හෝ ව්‍යාපාරයේ විස්තර, එහි සේවාවන්  හා අත්දැකීම් පිළිබද තොරතුරු සමගින් ඔබගේ ආයතනයේ ලාංජනයේ  ඡායාරූපයක් ගිණුමට එක්කර ඔබගේ HireMe Business ගිණුම සම්පුර්ණ කරගන්න.

HireMe Job Bank තුල ඔබේ ඇබැර්තු පලකරන්නේ කෙසේ ද?  

ඔබේ ගිණුමේ ඇති  New Opportunity වෙත ගොස්  Job Listing එකක් අදාළ විස්තර ඇතුළු කරන්න.

HireMe Job Bank හි එම අදාල  Job Listing එක අයැදුම්කරුවන්ට අදාළ සේවා ක්ෂේත්‍රය,සේවා කාලය හා දිස්ත්‍රික්කය අනුව ඉතා පහසුවෙන් තෝරාගත හැකිවේ.

Job Listing එකට අයැදුම් කලහැක්කේ කෙසේද?

HireMe Job Bank හි පළකර ඇති ඔබේ Job Listing එකට උනන්දුවක් දක්වන ඕනෑම HireMe සාමාජිකයෙකුට ම ඒ සදහා ‘Apply for Job හරහා ඍජුව අයැදුම් කල හැකිය. 

අයදුම් කරන ලද අයදුම්කරුවන්ගේ විස්තර,

ඔබේ ගිණුමේ අදාල Job Listing එකට පහතින් වගුවක ආකාරයෙන් දිස්වේ. අදාල අයදුම්කරුවන්ගේ  සියලු විස්තර හා සුදුසුකම 'View' හරහා ඔවුන්ගේ HireMe Profile තුළින් ඔබට දැකගැනීමට හැකියාව ලැබේ.  

අයදුම්කරුවන් සමග දුරකථනයෙන් ඍජුව සම්බන්ධ වීමට ද HireMe Profile තුලින් අවස්ථාව උදාකර ඇත.

ඔබේ රැකියා පුරප්පාඩුවට  සුදුසුම පුද්ගලයින් ඉතා පහසුවෙන් හා ඉක්මනින් තෝරාගන්න ඔබත්  HireMe Job Bank සමග සම්බන්ධ වෙන්න. 

පිවිසෙන්න www.HireMe.lk




Tags

  • Hireme
  • Topic
  • Business